හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට (31) යෙදී තිබේ.
ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.
විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් අද(31) දීපවාලි දිනය සමරන අතර ලෝකවාසි හින්දු බැතිමතුන් පහන් දල්වා ආලෝක පූජා පවත්වා කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල නිරතවීම දීපවාලි දිනයේ සිදු කරනු ලබයි.
විශේෂයෙන් අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් පූජා, අලෝක පූජා පැවැත්වීම දීපවාලි දිනයේ සුවිශේෂ චාරිත්රයකි.
දීපාවලි දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ දශක ගණනාවක් පුරා අදුරේ අතපතගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රි ලාංකික ජනතාව මේ වනවිට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටින බවයි.
දීපාවලී දිනයේදී සියලු සිත් තුළ ප්‍රඥා ආලෝකය පැතිරේවා යන්න තමා ප්‍රාර්ථනා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය. එමෙන්ම, සියලු අපේක්ෂා යථාවත් කරගැනීමට සංස්කෘතික, දේශපාලනික සහ ආකල්පීය පරිවර්තනයක් අත්‍යවශ්‍ය බවද එහි දැක්වේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ දීපාවලි දිනය සෑම කෙනෙකුගේ ජීවිතය ආලෝකය, ප්‍රීතිය සහ නවතාවයන් ගෙනෙන බවයි. සෑම කෙනෙකුටම නිදහස, ගෞරවය සහ අයිතිවාසිකම් අත්විදිය හැකි ලෝකයක් ගොඩනැගීම සිය අභිප්‍රාය බවද එහි දැක්වේ.
මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද දීපාවලී දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් කියා සිටියේ වෛරයෙන් තොරව සහෝදරත්වය පතුරවන දීපාවලී දිනයක් ප්‍රාර්ථනා කරන බවයි.
මෙම දිපවාලියේදී ජාති, කුල, ආගම්, පන්ති භේදවලින් තොර සියලුදෙනාම එක්ව අත්වැල් බැද ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.
මේ අතර දීපාවලි උත්සවය නිමිත්තෙන් කෙටුව සහ කන්කසන්තුරය අතර ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (31) සහ හෙට (01) යන දිනයන්හිදි විශේෂ දුම්රියක් ලෙස අමතර ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වේ.