බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළ චෝදනා 18කට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඇගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණා.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකාව වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවමක් නියම කිරීමට පසුගියදා තීන්දු කෙරුණා.