හෙට (10) සිට උතුර සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අනිද්දා වන විට බටහිර සිට වයඹ දෙසට ගමන් කර 2 ශ්‍රී ලංකා – තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළගා වීමට ඉඩ පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් වැසි වැඩි විය හැකි අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ද ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර, අද (09) පෙරවරු 8:30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 53 දශම 05ක් ගාල්ල – උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කර ඇත්තේ දිවයිනේ ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.