අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්, හෙන්රි කිසින්ජර් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඔහුගේ වයස, අවුරුදු 100 කි.

ඔහු රිචර්ඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝඩ් යන ජනාධිපතිවරුන්ගේ පාලන සමයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස සහ ජාතික ආරක්ෂක උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

අමෙරිකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ඇති කර ගැනීමේදී ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබේ.

ජර්මනියේ උපත ලැබූ ඔහු නාසි පාලනය හමුවේ, 1938 වසරේදී අමෙරිකාවට පැමිණ පසුව අමෙරිකානු පුරවැසිභාවය ලබාගත් අයෙකු වීම විශේෂත්වයකි.