ගිනි ගැනීමට ලක්වූ හෝමාගම කර්මාන්ත ශාලාව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති බව, මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

හෝමාගම – කටුවාන කර්මාන්තපුරයේ රසායනික කර්මාන්තශාලාවක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂක අද එහි පැමිණීමට නියමිතව තිබුණි.

මේ අතර කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විශේෂ දැනුම්දීමක් කරමින් පැවසුවේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන්ට මුව ආවරණ පළඳින ලෙසය.