ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශ්‍රාම ගැනීමට නියමිත බවට පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වුණා.

ඒ සම්බන්ධව අදහස්  දක්වමින්  ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටියේ විශ්‍රාම ගැනීමට තමා හට අදහස​ක් නොමැති බවත් ජීවිත කාලය පුරාම තනතුරේ රැඳී සිටීමට සැලසුම් කර ඇති බවත් ඔහුගේ නව ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබෙන බවත්ය .

පාප් වහන්සේ මේ වන විට 87 හැවිරිදි වියේ පසුවන වන අතර එතුමා ​වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා සිටියත්
තමාට ඉල්ලා අස්වීමේ අදහසක් නොමැති බවයි.

“මම විශ්වාස කරනවා පාප්තුමාගේ දේව සේවය ජීවිතයට අත්‍යවශ්‍යයි. එබැවින් එය අත්හැරීම සාධාරණීකරණය කිරීමක් මට නොපෙනේ” ලෙසින් ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නව ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා.

මෙම වසර මුලදී ඇති වූ අසනීප තත්ත්වයන් හේතුවෙන් ඔහු රැස්වීම් කිහිපයක්ම අවලංගු කර ඇති බවද සඳහන්.