ඊයේ (27) දිනයේදි උසාවි නියෝගයක් අනුව ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන දේවගැතිවරයා  රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියා.

ඒ දේවගැතිවරයාට හඬ සාම්පල ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා  (26) දින කළ නියෝගයක​ට අනුවයි

ඒ අනු​ව ඊයේ පෙරවරු 10ට පමණ එහි පැමිණි දේවගැතිවරයා මිනිත්තු 45ක් පමණ රැඳී සිට ඉන් පිටව ගොස් ඇති බව සඳහන්.

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳහෙළන ආකාරයේ දේශන පැවැත්වූ බවට ෆාස්ටර් ජෙරොම් නමැති දේවගැතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.