ෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 10වැනි තරගය ලෙස ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගය ලක්නව්හිදී අද පස්වරු 02ට ආරම්භ වේ. අද තරගය ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වෙන තරගකාරී තරගයක් වනු ඇතැයි ක්‍රීඩා විස්තර විචාරකයෝ පවසති.

ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් අද තරගයට බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙම්බා බවුමා විසින් මෙහෙයවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ පැට් කමින්ස් විසිනි.