13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා යළි සක්‍රීය කළ යුතු බව සමගි ජන බලවේගයේ ස්ථාවරය බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා ඇත.

රටේ මූලික ප්‍රශ්න අමතක කිරීම සඳහා ආණ්ඩුව 13 වන සංශෝධනය ගැන සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කර තිබේ.

උතුරේ හෝ දකුණේ ජනතාව 13 වන සංශෝධනයක් ගැන සාකච්ඡා නොකළ බවත් එයින් පෙනී යන්නේ රටේ ප්‍රශ්න යටපත් කිරීමට අලුතින් ප්‍රශ්නයක් ඇති කිරීම ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අරමුණ බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා තිබේ.