13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයදී අදහස් දක්වමින් ජනීවාහි ඉන්දියාවේ නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ මේ බව සඳහන් කර තිබේ.

දෙමළ ජනතාවගේ සමානාත්මතාව, යුක්තිය හා සාමය සාක්ෂාත් වන ආකාරයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බව ද  ඔහු වැඩිදුරටත් පවසා ඇත.