Brick Game නැතිනම් Tetris කියන්නේ දශක ගණනාවක් පුරා ලෝකය පුරාම ජනප්‍රිය වුණු වීඩියෝ ක්‍රීඩාවක්. එම ක්‍රීඩාවේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 999999 වාර්තා කිරීමට එක්තසත් ජනපදයේ Oklahoma හි ජීවත් වන විල්ස් ගිබ්සන් නැමති 13 හැවිරිදි දරුවකු සමත් වී තිබෙනවා. මේ සදහා ඔහුට වැය වී ඇත්තේ විනාඩි 40කටත් අඩු කාලයක් වන අතර මට්ටම් (Levels) 18ක් දක්වා ඔහු ක්‍රීඩා කර තිබුණා.

Nintendo Entertainment System විසින් මෙම වීඩියෝ ක්‍රීඩාව හඳුන්වා දී ඇත්තේ 1989 වසරේදී වන අතර, එය අවසන් කළ ප්‍රථමයා ලෙසයි ගිබ්සන් සැලකෙන්නේ. ඔහු ක්‍රීඩාව අවසන් කළ අවස්ථාව දැක්වෙන වීඩියෝ පටය පහතින්.