අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බල මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනක් අද කොලඹදි පැවැත්වුනා. ඒ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සහ ඒ මුවාවෙන් අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට විරුද්ධත්වය පල කරමින්. අධ්‍යාපනය අයිතියක් බවත් එය මුදලට පාවා නොදිය යුතු බවත් පෞද්ගලික විශ්ව විද්‍යාල වහාම වසා දැමිය යුතු බවත් ඔවුන්ගේ සටන් පාඨ උනා.
එහිදි එම විරෝධතාවයට ඉඩ නොදිමට පොලිසිය කටයුතු කල අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනීමත් සමඟ පොලිසිය විසින් ඔවුන් විසුරුවා හැරීමට කිරුලපන ප්‍රදේශයේදි ජල ප්‍රහාර එල්ල කලා. තවද එහිදී විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් වාර්තා වනවා.
කෙසේ නමුත් අද (10) පෙරවරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගද නිකුත් කර තිබුණා.
https://tinyurl.com/4hufrxay