අන්තර් විශ්වවිද්‍යාලයී​ය ශිෂ්‍යය බල මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනක් අද කොලඹදි පැවැත්වු​නා. ඒ පෞද්ගලික විශ්ව විද්‍යාල වල​ට සහ ඒ මුවාවෙන් අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට විරුද්ධත්වය පල කරමින්. අධ්‍යාපනය අයිතියක් බවත් එය මුදලට පාවා නොදිය යුතු බවත් පෞද්ගලික විශ්ව විද්‍යාල වහාම වසා දැමිය යුතු බව​ත් ඔවුන්ගේ සටන් පාඨ උනා.

එහිදි එම විරෝධතාවයට ඉඩ නොදිමට පොලිසිය කටයුතු කල අතර විරෝධතාක​රු​වන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනීමත් සමඟ පොලි​සිය ​වි​සින් ඔවුන් විසුරුවා හැරීමට කිරුලපන ප්‍රදේශයේදි ජ​ල ප්‍රහාර එල්ල කලා. තව​ද එහි​දී විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් වාර්තා වනවා.

කෙසේ නමු​ත් අද  (10) පෙරවරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගද නිකුත් කර තිබුණා.
https://tinyurl.com/4hufrxay