රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ (ටියර් ඒ) එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

තරගාවලියේ අවසන් තරගය අද (21) කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ එක්දින ශූරතාව දිනා ගත්තේ පිට පිට දෙවැනි වතාවටයි.

තරගයේ පළමුව පහරදුන් සාන්ත ජෝශප් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 135ක් පමණි. එහිදී මානස මදුභාෂණ ලකුණු 37ක් රැස් කළේය. ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් තරණ විමලධර්ම කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය පන්දුවාර 39.3 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 139ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී සුපුන් වඩුගේ ලකුණු 60ක් රැස් කළේය. සාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් යෙනුල දෙව්තිස කඩුලු 03ක් බිඳහෙළීය.