බ්‍රිතාන්‍ය සංචාරකයන් අටදෙනකු ඇතුළු පුද්ගලයන් 250කට වැඩි පිරිසකට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට රාජපක්ෂ පවුලට පක්ෂපාතී ශ්‍රී ලංකා නිලධාරීන් හවුල් වූ බව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4 නාලිකාව’ හෙළිදරව් කර ඇතැයි එක්සත් රාජධානියේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

චැනල් 4 නාලිකාවේ හෙට විකාශය වීමට නියමිත පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වේදී ඉහළම නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ, ‘රාජපක්ෂලාට’ නැවත බලයට පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් තමන් ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියකු වන සුරේෂ් සලේ සහ ඉස්ලාමීය රාජ්‍යයට අනුබද්ධ බෝම්බකරුවන් අතර කුමන්ත්‍රණයක් සිදුකිරීමට 2018 රැස්වීමක් සංවිධානය කළ බවය.

“රැස්වීම ඉවරයි, සුරේෂ් සලේ මා ළඟට ඇවිත් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්වයක් අවශ්‍යයි, ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි” යැයි හන්සීර් අසාද් මවුලානා නම් පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස හයකට පසු ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන බවට දුන් පොරොන්දුව මත ගෝඨාභය රාජපක්ෂ බලය ලබාගැනීමත් සමඟ සලේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස උසස් කරන ලදී.