2023 දෙසැම්බර් මසය තුළ දී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 210,352 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසා ඇත.

ඒ අනුව 2023 වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 ක් බවයි එම අධිකාරිය සඳහන් කර තිබේ.

2023 දෙසැම්බර් මාසයේ අවසන් දින 10 තුළ දී 82,305 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයක් වන අතර ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැඩිම සංචාරකයින් පැමිණි රටවල් කිහිපය අතරට අයත් වේ.