2023 වසර මෑත ඉතිහාසයේ දැවන්ත පරිසර හානියක් වු වසරකි. රජය හා පුරවැසියන් විසින් සිදුකළ අලි ඝාතන නිසා 2023 වසර තුලදි අලි ඇතුන් 476 මියගොස් ඇත.

මේ අතර අලිවැට ඉදිකිරීමට හා නඩත්තුවට පසුගිය වසර දෙකේදී කෝටි 228 ක් වැය කර තිබුණ ද අලි මිනිස් ගැටුම අඩුවී නැති බව 2022 විගණකාධිපති වාර්තාව පෙන්වා දි තිබුණි.

වනජීවි දෙපාර්තමේන්තුව පසුගිය වසරේ විදුලි වැට ඉදිරිකිරීමට කෝටි 125 ක් වැය කරලා තිබුණා. විදුලි වැට කිලෝමිටර් 4756 ක් නිම කර ඇති අතර නඩත්තුවට කෝටි 103 ක් වැය කර තිබිණි.

අලි ඝාතන වලට රජයද සමිබන්ධ වීම බරපතල කාරනයක් බව පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ පරිසරවේදී දිමුතු සදරැවන් අද (02) පැවති මාධ්‍ය හමුවේදී පවසා ඇත.

මෙහිදි අදහස් දැක්වු එම මධ්‍යස්ථානයේ ජාතික සමිබන්ධිකාරක් පරිසරවෙිදි රවින්ද්‍ර කාරියවසම් පවසා සිටියේ දිනෙන් සින සිදුවන අලි ඇතුන් ඝාතන නිසා දකුණු ආසියාවේ වැඩිම අලි ඝාතන සිදුකරන රට ලෙස අපට මෙරට හැදින්විය හැකි බවය.

2014 වස⁣රේ සිට 2023 දෙසැමිබර් 31 දක්වා මෙරට තුල සිදු  වු සමස්ථ අලි මරණ සංඛ්‍යාව 3313කි.  2024 ජනවාරි පළමු ⁣දින එක් අලියෙක් මිය ගොස් ඇත.

එදා මෙදා තුර පැවති සියලු ආන්ඩු අලි මරණ හා අලි නිජබිමි අහිමි කිරීමට කටයුතු කල අතර මෙම ගැටලුව අවම කිරීමට කිසිදු සාදණිය පියවරක් ගෙන නොමැත.

පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය ලෙස අප අදටත් යෙජෙනා කරන්නේ දැනට ඉතිරිවඇති කෑලැ එකාබද්ධ කෙටෙ අලි කොරිඩොව නිර්මාණය කරන ලෙසය.

රජය ඒ සියල්ල නවතා අලි නිජබිම සමාගමි වලට ලභාදීම ආරමිභ කර ඇත. පසුගිය 2021 වසරේ සිට  2023 වසර අවසානය දක්වා සෑම දිනකම රජය මැදිහත්වීමෙින් දිනකට අක්කර පනහක් පමණ විනාස කරමින් ඇත.

2021, 2022, වසර දෙකෙදි පමණක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර හෙක්ටයාර් 134, 362 .15 පුද්ගලික සමාගමි වලට නිදහස් කර ඇත. මෙි අනුව මෙරට සමස්ථ වනාන්තර ප්‍රමාණය 16 % වඩා අඩු වි ඇති අතර 2011 වසරේ  අප පැවසු පරිදි මෙරට වනාන්තර ප්‍රතිශතය 10% පහළ බසිනු ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දී ඇත.

මෙම මාධ්‍ය හමුවෙිදි අදහස් දැක්වු එම මධ්‍යස්ථානයේ කාරක සභික පුජ්‍ය පණ්ඩිත කාරියමඩිත්තේ ඥානාරාම හිමි අදහස් දක්වමින් පවසා සිටියේ ඉහත් සදහන් කල සියල්ල රජයේ එක් සෑළසුමකට අනුව ක්‍රියාත්මක වන අතර 2011 – 2048 ජාතක භෞතික සැලැස්මට අනුව වර්තමාන රජයේ සැලසුමද ක්‍රියාත්මක වන්නේ සංවර්ධනය මුවාවෙන් ලාංකාවේ පරිසරික පද්ධතීන් විනාශ කරමින් බහුජාතික සමාගම් කරණය හරහා භූමියද නිදහස් කිරීමයි.

දැනටමත් ලංකාව පුරා දිවෙන ආකාරයට ඉදිවෙමින් පවතින අධිවේගී මර්ග පද්ධතිය තුලින් දැවැත් පරිසර විනාශයන් සිදුව ඇති අතර අලි මංකඩවල් හා ඔවුන්ගේ නිජබිම්, වනාන්තර, පාරිසරික කලාප, වන සතුන්ගේ ජීවිතවලට මෙන්ම ජනජීවිතයට විශාල තර්ජනයක් වී ඇත.

අලි මිනිස් ගැටුමට මූලික හේතුව වී ඇත්තේ වනාන්තර ප්‍රදේශ විනාශ කරමින් මෙසේ සිදු කරන අවිධිමත් සංවර්ධනය ක්‍රියාවලිය බව පසුගිය කාලය පුරාවට පෙන්නුම් කරමින් ඇත.

ජනතාව  ලෙස අව⁣බෝධයෙන් මේ සදහා මැදිහත් නොවුන හොත් අහස, භූමිය සියල්ල විනාශ කරමින් මිනිස් පැවැත්මට මෙන්ම සමස්ථ පද්ධතියේ පැවැත්මට ද තර්ජනයක් වනු ඇත.