ලෝක පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කළ 2023 FIFA පාපන්දු සම්මාන උළෙල පසුගියදා එංගලන්තයේදී පැවැත්විණි. එහිදී 2023 වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ලියොනෝල් මෙසී නම් කර ඇත.

ඔහු මීට පෙර 2019 සහ 2022 වසරවලදී මෙම සම්මානය දිනාගැනීමට සමත් වීම විශේෂත්වයකි. මෙම සම්මානය සඳහා මෙසීට අමතරව ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බාපේ සහ නෝර්වීජියානු පාපන්දු ක්‍රීඩක අර්ලිං හාලන්ඩ් අවසන් තුන්දෙනා අතරට නිර්දේශ වී සිටියහ.

හොඳම කාන්තා ක්‍රීඩිකාව: අයිටානා බොන්මටි

හොඳම පිරිමි ක්‍රීඩකයා: ලියොනෙල් මෙසී

හොඳම කාන්තා ගෝල රකින්නා: මේරි අර්ප්ස්

හොඳම පිරිමි ගෝල රකින්නා: එඩර්සන්

හොඳම කාන්තා පුහුණුකරු: සරීනා වීග්මාන්

හොඳම පිරිමි පුහුණුකරු: පෙප් ග්වාඩියෝලා

FIFA Puskás සම්මානය: Guilherme Madruga

FIFA විශේෂ සම්මානය: මාර්ටා

ජීව ගුණය සුරැකි සම්මානය: බ්‍රසීල පිරිමි ජාතික කණ්ඩායම

FIFA ප්‍රේක්ෂක සම්මානය: හියුගෝ ඩැනියෙල් “ටෝටෝ” ඉනියේ