නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත් එ​ය කිසිදු හේතුවක් නිසා දිර්ඝ නොකරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

කෙසේ වෙතත් අද (08) දිනය පුරාම තැපැල් ඡන්ද අයදුම් කිරීමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත.

ඒ අනුව, අද දින තැපැල් ඡන්ද නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට ලැබිය යුතු අතර, නියමිත දින​ට අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනිම​ට හේතුවක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කර ඇත.