2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට T20 ක්‍රිකට් ඇතුළත් කිරීමේ නිර්දේශය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) පිළිගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ යෝජනාව වී ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන පිරිමි සහ කාන්තා විස්සයි 20 තරග පැවැත්වීමටයි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි 2028 වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පසුගියදා ක්‍රීඩා ප්‍රධානීන් මුම්බායිහිදී රැස්වූ අවස්ථාවේදී, ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා තරග සඳහා ඇතුළත් කිරීමට යෝජනා විය.