24 වැනි වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (22) ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනු ලබන පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 22 දින සිට ඔක්තෝබර් 01 දින දක්වා උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.

මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා පොත් ප්‍රකාශක කුටි 450 ක් වෙන් කර ඇත.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන්ද දරුවන්ට විශේෂ අවස්ථා රැසක් සංවිධානය කර ඇති බව පොත් ප්‍රකාශක සංවිධායක කමිටුවේ සභාපති චන්දු හපුතන්ත්‍රී පවසයි.

මෙවර පොත් ප්‍රදර්ශනයේ ඇති නවතාවන් ඇතුළු කාරණා පිළිබඳව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සංවිධායක කමිටුවේ සභාපති චන්දු හපුතන්ත්‍රි මහතා සමග සිදු කළ සංවාදය පහතින්,