ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලමින් දැමූ පෙත්සම කිසියම් පුද්ගලයෙක් විසින් ආසාවට දැමූ පෙත්සමක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,

“ඔය සම්බන්ධයෙන් මීට පෙර තීන්දු දෙකක දීලා තියෙනවා. කවුරුහරි කෙනෙක් ආසාවට දාපු පෙත්සමක් ඕක. නමුත් මම දන්න විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයි ඊළඟට ජනාධිපතිවරණ නීතියයි එක්ක ගන්නකොට ඒ නියමිත කාලයේදී මැතිවරණ කොමිසම පියවර ගනී.
රජය සම්පූර්ණ සූදානමකින් තමයි මැතිවරණයට කටයුතු කරන්නේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා නාම යෝජනා කැදෙවුවට පස්සේ ජනාධිපතිවරයාට සහය දීම ගැන තීරණය කරනවා.

පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා තෝරන්න අපිව කැඳවන්නේ නෑ. අපෙන් අදහස් ගන්නේ නැහැ. ගෝඨාභය මහත්තයව ගෙදර යවන්න වැඩකරපු කට්ටියම තමයි වැඩිදෙනෙක් අද විපක්ෂයට ගිහින් අනිත් අයට උපදෙස් දෙන්නේ.

පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණ ව්‍යාපාර තුළ සංවිධානය වන ආකාරයට බලමු උමන අපේක්ෂකයටද සහය දෙන්නේ කියලා. ඒ තත්ත්වේ උඩ අපි තීන්දු කරනවා එදාට මොකක්ද කරන්නේ කියලා..” යනුවෙන් පැවසීය.