නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරඟ 3ක් හා එක්දින තරඟ 3කින් සමන්විත තරඟාවලියක් දෙසැම්බර් හා ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර, එහි තරඟ කාළ සටහන පසුගියදා නිකුත් කරනු ලැබ ඇත.

දෙසැම්බර් මස 28 වන දින විස්සයි විස්ස තරඟාවලි ආරම්භ වන අතර, එක්දින තරඟාවලිය ආරම්භ වන්නෙ 2025 වසරේ ජනවාරි 5 වන දිනයි. මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ නවසීලන්තයේදීය.

තරඟ පැවැත්වෙන කාලසටහන

පලමු විස්සයි විස්ස තරඟය : දෙසැම්බර් 28 – Tauranga
දෙවන විස්සයි විස්ස තරඟය : දෙසැම්බර් 30 – Tauranga
තුන්වන විස්සයි විස්ස තරඟය : ජනවාරි 02 – Nelson
පලමු එක්දින තරඟය : ජනවාරි 5 – Wellington
දෙවෙන එක්දින තරඟය : ජනවාරි 8 – Hamilton
තුන්වන එක්දින තරඟය : ජනවාරි 11 – Auckland