තරඟකාරීත්වය තුරන් කිරීම, අන්තර්ජාල සෙවුම් සහ සෙවුම් ප්‍රචාරණයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට ගූගල් ඒකාධිකාරී හැසිරීම්වල නිරත වූ බවට එක්සත් ජනපද විනිසුරුවරයකු විසින් තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. මෙම තීන්දුව ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබෙට් (Alphabet) සඳහා ප්‍රබල පහරක් ලෙස සැලකේ.

එමෙන්ම මෙම තීන්දුව ප්‍රමුඛ තාක්ෂණික සමාගම්වල මෙහෙයුම් උපාය මාර්ග වෙනස් කළ හැකි බවට ද මත ඉදිරිපත් වී ඇත.

ගූගල් සමාගම 2020 දී එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පවරන ලද නඩුවකට මුහුණ දුන් අතර, ඒ ගූගල් සමාගම සබැඳි සෙවීම සඳහා වෙළඳපොළ කොටසෙන් 90% ක් පමණ පාලනය කරන බවට එම සමාගමට චෝදනා එල්ලවීමෙන් පසුවයි.

මෙම නඩුව හුදකලා නොවන නමුත් තොරතුරු තාක්ෂණ අංශයේ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා පෙනී සිටින එක්සත් ජනපද ක්‍රියාකාරිකයන්ගේ ක්‍රියා මාලාවකට අයත් වෙයි.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු අමිත් මෙහ්තා පැවසුවේ තම වේදිකාව ස්මාර්ට් උපාංග සහ බ්‍රව්සර්වල පළමු සෙවුම් තීරුව ලෙස දිගටම පවත්වාගැනීම සඳහා ගූගල් විසින් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වැය කර ඇති බවයි.

“ගූගල් යනු ඒකාධිකාරියක් වන අතර එය සිය ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා හැසිරී ඇත” යනුවෙන් විනිසුරුවරයා පිටු 277කින් යුත් ඔහුගේ තීරණයේ සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
“සරලව කිවහොත්, ගූගල් හි ප්‍රමුඛ ස්ථානය අන් සෑම සීමාවක්ම අනාරක්ෂිත කර ඇත,” යනුවෙන් ඔහු තවදුරටත් පවසා ඇත.

රොයිටර්ස් වාර්තා කළේ ඇල්ෆබෙට් සමාගම මෙම තීරණය සමාලෝචනය කිරීමට අපේක්ෂා කරන බවයි.

එක්සත් ජනපද නීතිපති මෙරික් ගාර්ලන්ඩ් මෙම තීන්දුව විස්තර කළේ අමෙරිකානු ජනතාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි.

මේ අතර ෆේස්බුක් සහ ඇමේසන් හි හිමිකරු වන මෙටා වේදිකා සමඟ අනෙකුත් විශාල තාක්‍ෂණ සමාගම් ද මේ වන විට නඩු කිහිපයකට මුහුණ දී ඇත. තවද .com, සහ Apple, සමාගම් දෙකට ද නීති විරෝධී ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී ඇත.

කෙසේ නමුත් මෙම තීන්දුව ප්‍රකාශයට පත්වන්නේ වොෂින්ටනයේ පැවති සති 10ක නඩු විභාගයකින් අනතුරුවය.

ඇපල්, සැම්සුන්, මොසිල්ලා සහ අනෙකුත් උපාංගවල පෙරනිමි අංගයක්(default) ලෙස සිය සෙවුම් යන්ත්‍රය ස්ථාපනය කිරීමට ගූගල් ඩොලර් බිලියන ගණනක් ගෙවන බවට පැමිණිල්ල විසින් ප්‍රකාශ කර තිබිණි.