අතිශය ජනප්‍රියත්වයට පත් 3 idiots චිත්‍රපටයේ “පුස්තකාලයාධිපති Dubey”
චරිතය රඟපෑ ප්‍රවීණ නළු ආකීල් මිශ්‍රා ඊයේ සිය නිවසේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් ඊයේ (21)  මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මිය යන විට 67 වන වියේ පසු වූ ආකීල්
‘Hazaaron Khwaishein Aisi’, ‘Gandhi My Father,  ‘Bhopal: A Prayer for Rain’ ඇතුළු
චිත්‍රපට විශාල ප්‍රමාණයක මෙන්ම රූපවාහිනී වැඩසටහන් ගණනාවක ද රංගනයේ යෙදී තිබෙනවා.