වික්‍රාන්ත් මෙසී ප්‍රධාන චරිතය නිරූපණය කරන, විදූ විනෝද් චොප්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද 12th Fail චිත්‍රපටය ඉතා ජනප්‍රියත්වයක් ලබමින් පවතිනවා. වසර 14 ක් පුරා IMDb දර්ශකයේ ඉන්දියානු චිත්‍රපටයක් ලද ඉහළම ශ්‍රේණිගත කිරීම ලබමින් ප්‍රථම ස්ථානයේ පසු වූ ආමිර්ඛාන්, ශර්මන් ජෝශි සහ ආර්. මාධවන් රංගනයේ යෙදුනු, රාජ් කුමාර් හිරානි විසින් අධ්‍යක්ෂණය කළ 3 Idiots (2009) චිත්‍රපටය පසුකර යමින් 9.2 ක ශ්‍රේණිගත කිරීමක් ලබමින් මුල් තැන ගැනීමට 12th Fail පසුගිය දා සමත් වුණා.

ඒ අනුව 12th Fail චිත්‍රපටය ඉතා ඉහළ ආදායම් ලබමින් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ 3 Idiots, Dangal, සහ Baahubali 2: The Conclusion වැනි ඉන්දියානු චිත්‍රපටවල ශ්‍රේණිගත කිරීම් සියල්ල අභිබවා ගොස් ඇති අතර, The Shawshank Redemption, The Godfather, සහ The Dark Knight වැනි Top rated චිත්‍රපට සමාජයට එක්වෙමින් IMDb හි සමස්ථ ශ්‍රේණිගත කිරීම්හි 73 වැනි ස්ථානයට පත්වීමටද සමත්වී තිබෙනවා. 3 Idiots (2009) චිත්‍රපටය නිෂ්පාදනය කළ විදූ විනෝද් චොප්රා 12th Fail හි අධ්‍යක්ෂක වරයා වීම සුවිශේෂී සිදුවීමක් වනවා.