දිවයින පුරා විසිරී සිටින යෞවන යෞවනියන්ගේ සෞන්දර්යාත්මක දස්කම් අගයනු පිණිස, 43 වැනි වරටත් සංවිධානය ලැබූ ජාතික යෞවන සම්මාන උළෙල 2023.11.29 දින තරුණ කටයුතු අමාත්‍ය රොහණ දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ මධයස්ථාන ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

එහිදී තරඟ අංශ 95 යටතේ ඉදිරිපත් වී දස්කම් දැක්වූ 131 දෙනෙකුට සම්මාන හා මුදල් තිළිණ පිරිනැමීම සිදු කෙරිණි.
හොඳම දිගු නාට්‍යය ලෙස “රැඩිකල් ප්‍රේමයක්” සම්මාන දිනූ අතර, හොඳම කෙටි නාට්‍ය ලෙස සම්මාන දිනා ගත්තේ, “ ගමනක් යන්” නාට්‍යයයි. වසරේ හොඳම නළුවා ලෙස “ඩෙසිඩෙරාටා ආශාවේ වස්තුව” නාට්‍යයේ රඟපෑ බිමල් රසංජයත්, “රැඩිකල් ප්‍රේමයක්” නාට්‍යයේ රඟපෑ චානිකා දිසානායක වසරේ හොඳම නිලිය ලෙසත් සම්මාන දිනා ගන්න ලදී. එමෙන්ම කෙටි නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස හසිත් වෙත්තසිංහත්, එම අංශයේ හොඳම නිලිය ලෙස සඳුනි ජයසේකරත් සම්මාන දිනා ගන්නා ලදී.