47වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාගාරයේදී ආරම්භ විය. මෙවර තරගාවලියේදී ක්‍රීඩා 30ක් යටතේ තරග පැවැත්වෙන අතර ඊට පළාත් 09 නියෝජනය කරමින් ක්‍රීඩකයන් 3215ක් සහ ක්‍රීඩිකාවන් 2,591ක් සහභාගි වේ.

මෙහිදී රන් පදක්කම් 262ක්, රිදී පදක්කම් 262ක් සහ ලෝකඩ පදක්කම් 360ක් පිරිනැමීමට නියමිතය. තරගාවලියේ තරග හෙට අනිද්දා (26) දිනය දක්වා පැවැත්වේ.