බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර ලබා දී ඇත.

ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවත් සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති බවත් සදහන් වේ.

ඩෙංගු සහ කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

සමස්ත ශ්‍රී ලංකාවේ මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.