කැනඩාවේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරය සදහා ප්‍රථම වරට ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කාන්තාවක් පත් කර ඇත.
මෙලෙස නියෝජ්‍ය අමාත්‍ය ධූරය සදහා පත් කර ඇත්තේ තුෂාරා විලියම්ස් වන අතර එම අමාත්‍ය ධූරය පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ.
කුඩා කාලයේ කොළඹ ප්‍රදේශයේ පදිංචි සිට ඇති ඇය කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යපනය හදාරා ඇත.
පසුව 1991 වසරේ දී කැනඩාව බලා සංක්‍රමණය වී ඇති ඇය එහිදී කැනඩාවේ – ටොරෙන්ටේ හි පිහිටි විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදරා තිබේ.
තුෂාරා විලියම්ස් මෙරට ජීවත් වූ කාලය තුළ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීමට අදාළ සමීක්ෂණ ආයතනයක ද සේවය කර ඇති බව සඳහන් වේ.