රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාපිතව , රාජතාන්ත්‍රික ලෙස මර්දන අණපනත් සම්මත කරගනිමින් තමන්ගේ ඒකාධිපති වියරුව සරසා ගෙන මේ රට පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් චෝදනා කරයි.
අධිකරණයට අපහාස කිරීමේ පනතට එරෙහිව අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.
හෙතෙම වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.
‘රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදියට මම සලකන්නේ නැහැ. Country maneger කෙනෙක් විදියට තමයි මම සලකන්නේ. රනිල් වික්‍රමසිංහට ඕන වෙලා තියෙන්නේ ව්‍යවස්ථාපිතව , රාජතාන්ත්‍රික විදිහට මර්දන අණපනත් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න. ඊට පස්සේ තමන්ගේ ඒකාධිපති වියරුව සරසා ගන්න පුළුවන් වෙන විදිහට ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති වෙලා මේ රට පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක තමයි මේ නිරත වෙන්නේ.පහුගිය කාලය පුරාම ජනතාව මර්දනය කරන්න විවිධ අණපනත් ගෙනාවා. ත්‍රස්ත විරෝධී පනත, මාධ්‍ය මර්දන පනත, මහ බැංකු පනත වැනි අණපනත් බොහොමයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. අධිකරණයට අපහාස කිරීමේ පනත හරහා සිදුවන්නේ මේ පනත ඉස්සරහට දාලා සමස්ත ජනතාවම සහ වෘත්තිකයන් , සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ආයතන මර්දනය කරන්න.මේවා සිදු කරන්නේ ජනතාව රකින්න වත් අධිකරණය ස්වාධීනත්වය රකින වත් කියන පැහැදිලි චේතනාවෙන් නෙමෙයි. මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන කන්‍යාභාවය සිඳ බිඳ ගත විජේදාස රාජපක්ෂලා සහ පාර්ලිමේන්තුවේ ඇතැම් තක්කඩි දේශපාලනඥයන්ට සහ බලලෝභී දේශපාලනඥයන්ට පනත් සම්බන්ධ කරගන්න දෙන්න බැහැ. මේක වහාම නවත්වන්න ඕනේ. මේ ඒකාධිපති පොලිස් රාජ්‍යය කාරා යන ගමනට ව්‍යවස්ථාපිතව හදාගන්නා අත්තනෝමතික ඒකාධිපති ව්‍යුහය ට එරෙහිව මේ රටේ සියලු ජන කොටස් නැගී සිටිය යුතුයි. ඒ සඳහා පෙළ ගැසෙන කියලා මම ඉල්ලීමක් කරනවා.’
නිර්මාණි ගුණරත්න