මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් අද (28) අත්අඩංගුවට ගෙන ඇත.

වෘත්තීය සමිති එකමුතුවක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අතරතුර බොරැල්ල මංසන්ධියේදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර තිබේ.

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මෙම සංවිධානය කර තිබුණි.

Photo © NEWS CUTTER

Photo © NEWS CUTTER