Don යනු 1978 දී නිර්මාණය වූ  හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා චරිතයක්. හින්දි සිනමාවේ පතාක යෝධයෙකු වන අමිතාබ් බච්චන් විසින් නිරූපණය කළ Don චරිතය, චිත්‍රපට අධ්‍යක්ෂක ෆර්හාන් අක්තර් විසින් 2006 වසරේදී නැවත ප්‍රතිනිර්මාණය කළා.

එම චරිතය සුපිරි නළු ශාරුක් ඛාන් විසින් නිරූපණය කළ අතර, සෘණාත්මක (Negative) චරිතයක් වුවද එය රසික උමතුවක් ඇති කරන්නට සමත්  වුණා. “Don : The chase begins again”  (2006) චිත්‍රපටය ලැබූ සාර්ථකත්වය නිසාම  එහි දෙවන දිගහැරුම වූ “Don 2: The chase continues” 2011 වසරේදී  තිරගත වූ අතර එය අවසන් වූයේ Don 3 පිළිබඳ ව ඉඟියක් ද ලබා දෙමින්.

වසර 12 ක දිගු නිහැඩියාවකින් පසුව අද දින (08) අධ්‍යක්ෂක ෆර්හාන් අක්තර් විසින් 2025 දී Don 3 එළි දැක්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබුණා.
ශාරුක් ඛාන් Don චිත්‍රපට මාලාවෙන් ඉවත් වී ඇති බවට මීට පෙර විවිධ පුවත් පළ වී තිබීම හා, ටීසරයේ “A new era begins” ලෙස සඳහන් වීම නිසා රසිකයන් නොසන්සුන් වී තිබුණා.

https://www.instagram.com/reel/Cvq-nCXAz-K/?igshid=MzRlODBiNWFlZA==

ඉන් අනතුරුව අධ්‍යක්ෂක ෆර්හාන් අක්තර් මේ පිළිබඳව පැහැදිලි කිරීමේ නිවේදනයක් සමාජ මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද අතර, Don 3 හි ශාරුක් ඛාන් දකින්නට නොලැබෙන බව නිල වශයෙන්ම සඳහන් කර තිබුණා.

https://www.instagram.com/p/CvrbqgEroeP/?igshid=MzRlODBiNWFlZA==

මීළඟ Don කවුරුන්ද යන්න එහි සඳහන් නොවන නමුත්, රන්වීර් සිං ඒ සඳහා තෝරාගෙන ඇති බවට බොහෝ ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා. කෙසේ  වෙතත් ශාරුක් විසින් මැවූ Don චරිතයට ආදරය කරන සුවහසක් රසිකයන් මේ වන විටත්  #NoSrkNoDon හෑශ්ටෑගය යටතේ ෆර්හාන්ගේ තීරණයට විරෝධය දැක්වීම ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

බොලිවුඩයේ මීළඟ Don කවුරුන් වෙයිද ?