ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 18ක් අවසානයේ වැඩිම ලකුණු රැස්කර ඇති පිතිකරුවන් අතර පෙරමුණ ගනිමින් කොළ පාට හිස්වැසුම හිමිකර ගැනීමට Colombo Strikers කණ්ඩායමේ බාබර් අසාම් සමත්ව සිටී. එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාට පිදෙන තැඹිලි හිස්වැසුම දිනාගැනීමට Colombo Strikers කණ්ඩායමේම මතීෂ පතිරණට හැකිව තිබේ.

බාබර් අසාම් තරග 07කදී ලකුණු 255ක් රැස් කරගෙන ඇති අතර, මෙම සටහනේ දෙවැනි ස්ථානය GALLE TITANS කණ්ඩායමේ ටීම් සීෆර්ට් හිමි කරගෙන ඇත්තේ තරග 07කදී ලකුණු 231ක් රැස්කරගෙනය. එහි තෙවැනි තැන B-Love Kandy කණ්ඩායමේ නායක වනිඳු හසරංග හිමිකරගෙන ඇත. ඔහු තරග 07කදී ලකුණු 193ක් රැස් කර තිබේ.

මතීෂ පතිරණ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් තරග 07කට ක්‍රීඩා කරමින් කඩුලු 12ක් බිඳහෙළා තිබේ. එහි දෙවැනි ස්ථානය B-Love Kandy කණ්ඩායමේ නායක වනිඳු හසරංග හිමි කරගෙන සිටින්නේ තරග 07කදී කඩුලු 10ක් දවාගනිමිනි. මෙහි තෙවැනි ස්ථානය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිව තිබේ. ඔහු තරග 08කට ක්‍රීඩා කරමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 10කි.