අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09 ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැඩි උණුසුමක් ගෙන දෙන​‍ අවධානය යොමු කළ යුතු තත්ත්වයක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන​වා

මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල අද උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39 ත් 45ත් අතර විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන​ අත​ර ප්‍රමාණවත් ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැදී සිටීම මෙන්ම කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු​ව ඉල්ලා සිටින​වා.