රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපළ පාලන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන් යානාවලට අනතුරු වියහැකි බැවින් මෙම ඉල්ලීමක් කර ඇති අතර ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට ජංගම රථ යොදවා ඇති බව ද ඔවුන් සදහන් කර තිබේ.

ගුවන් යානා නීතියට අනුව ගුවන් තොටුපොළක සිට කිලෝමීටර පහක් ඇතුළත ප්‍රදේශයේ අඩි 300 ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පාකිරීම තහනම් බවත් සරුංගල් යැවීමට භාවිතා කරන ඝන තංගුස් නූල ගුවන් යානාවලට තර්ජනයක් බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.