ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400×4 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම සමත් විය. ඔවුන් එම ඉසව්ව මිනිත්තු 3:30.88කින් අවසන් කරමින් එහි ලෝකඩ පදක්කම දිනා ගත්හ.

එම කාන්තා සහාය දිවීමේ කණ්ඩායමට තරුෂි කරුණාරත්න, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා සහ සයුරි මෙන්ඩිස් යන ක්‍රීඩිකාවන් ඇතුළත් විය. මෙම ඉසව්වේ රන් පදක්කම බහරේනයය හිමිවූ අතර, ඔවුන් තරගය මිනිත්තු 3:27.65කින් නිමා කළහ. එම ඉසව්වේ රිදී පදක්කම මිනිත්තු 3:27.85කින් තරගය නිමා කළ ඉන්දීය සහාය දිවීමේ කණ්ඩායම හිමි විය.

මෙම පදක්කමත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට රන් පදක්කමක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන සිටී.