ගිණිකොනදිග යුක්රේනයේ කාර්කිව් පළාතේ, රෝසා නමැති කුඩා ගම්මානයට රුසියන් හමුදා එල්ල කල මිසයිල ප්‍රහාරයකින් අට හැවිරිදි දරුවකු ද ඇතුළු යුක්රේන වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියන් හමුදා එම මිසයිල ප්‍රහාරය සිදු කර ඇත්තේ අවමංගල්‍යක් පැවැත්වෙන අවස්ථාවකදී බව යුක්රේන රජය පවසා තිබේ.

කාර්කිව් පළාතේ, රෝසා ගම්මානයේ යුක්රේන හමුදා නොමැති බවත්, රුසියාව අමු අමුවේ සිවිල් වැසියන් ඝාතනය කළ බවත් යුක්රේන රජය චෝදනා කර ඇත.