දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (11) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇත.

වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කර තිබේ.

මේ අතර නිසි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවට පැමිණිලි කළ බව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.