ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම 2024 වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව මෙරටදී පැවැත්වෙන තරඟාවලියක් සමඟින් එම වසරේ තරග ආරම්භ කරනු ලබයි. ඊට එක්දින තරග තුනක් සහ විස්සයි-20 තරග තුනක් ඇතුළත්ය.

ඉන් අනතුරුව ජනවාරි-පෙබරවාරි කාලසීමාව තුළ ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක් ටෙස්ට් තරඟයක්, එක්දින තරඟ තුනක් සහ T20I තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ තරග සංචාරයකට සහභාගි වේ. එම තරගාවලියෙන් පසුව විස්සයි-20 ලෝක කුසලානය පැවැත්වේ.