බ්‍රිතාන්‍ය රජය විසින් එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමනිකයින් සංඛ්‍යාව අඩු කිරීම සඳහා නව පැකේජයක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍ය වෙත විදේශ ශ්‍රමිකයින්ට රැකියා වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය කරනු ලබන අවම වැටුප ඉහළ නැංවීමේ සැලසුමක්ද මෙම පැකේජයට ඇතුලත්ය.

ඉකුත් වසර තුලදී බ්‍රිතාන්‍යට පැමිණි සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමඟ එරටට රැකියාවක් සඳහා සංක්‍රමණය වන පුද්ගලයින් උපයාගත යුතු අවම වැටුම තුනෙන් එකකින් ඉහළ නැංවිමට මෙහිදී තීරණය කර ඇත.

ඒ අනුව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය විදේශ පුහුණු ශ්‍රමිකයින් සඳහා වන අවම වැටුප් සීමාව මෙතෙක් පැවති පවුම් විසි හයදහස් දෙසීයේ සිට පවුම් තිස් අට දහස් හත්සිය දක්වා, දක්වා ඉහළ නංවන බවය.

කෙසේ වෙතත් මේ වන විට බ්‍රිතාන්‍ය රාජ්‍ය සහ පුද්ගලික සෞඛ සේවා සඳහා පවතින සේවක හිඟයට මෙම තීරණය අයහපත් ලෙස බලපානු ඇති බවද එරට වෘත්තී සමිති සඳහන් කර ඇත.