නයිජීරියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් අත්වැරදීමකින් එරට උතුරුදිග කඩුනා ගම්මානයට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 85 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 66 දෙනෙකු ද තුවාල ලබා ඇතැයි සඳහන් ය.

මෙම ප්‍රහාරය අත්වැරදීමකින් එල්ල කළ බව නයිජීරියානු හමුදාව ද පිළිගෙන තිබේ.

අදාළ ප්‍රහාරය සිදුවූ ආකාරය සොයා විමර්ශනයක් ආරම්භ කිරීමට එරට ජනාධිපති බෝලා ටිනුබූ  නියෝග කර ඇත.

අවිගත් කල්ලිවල ක්‍රියාකාරකම් බහුල කලාපයක් ලෙස සැලකෙන මෙම කලාපය නිතරම ගුවන් ප්‍රහාරවලට ඉලක්ක බවට පත්වේ.