විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් නිකුත් කිරීම ගැන ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මවා ගිය පසු විදුලි බිල ගෙවිය යුතු බව ද එහි දැක්වේ.

එමෙන්ම පාරිභෝගිකයන් බහුතරයක් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවන බවද එහි සඳහන් වේ.

සාමාන්‍යයෙන් රතු බිලක් නිකුත් කරන්නේ මාසයක් ගතවූ පසුව වන අතර රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන බවත් විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව බවත් ඔවුන් පවසා ඇත.

2023 වසරේ මුල් මාස 10 තුළදී විදුලිය විසන්ධි කිරීම් හා නැවත සම්බන්ධ කිරීම් 544,488ක් සිදුකර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින්,