වයස අවු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 02ක ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබ. එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 220ක් රැස් කළේය.

අනතුරුව පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 48.2 අවසානයේ කඩුලු 08ක් පමණක් දැවී ලකුණු 224ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනුර කලුපහන ලකුණු 56ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් ටනිෂ් සූරී ලකුණු 75ක් රැස් කළහ.