ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඉදිරියේ දී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදෙමින් පෙත්සම් විභාගය අවසන් කරන බව විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.