Disney සමාගම විසින් සුප්‍රකට X-Files කතා මාලාව සඳහා නව කතා මාලාවක් නිර්මාණය කරමින් පවතින බව වාර්තා වනවා.

1993-2018 යන කාල වකවානුව තුළ කතා සමයන් (Seasons) 11 සමග කතාංග (Episodes) 218 ක් අඩංගු X-files කතාමාලාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගනනාවක අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

Black Panther චිත්‍රපටයේ අධ්‍යක්ෂක Ryan Coogler මෙහි නිෂ්පාදකයා වන අතර මෙම කතා මාලාවේ අධ්‍යක්ෂණයද ඔහු විසින් සිදු කරන බවට නිල වශයෙන් වාර්තා වන්නේ නැහැ.

නමුත්, පෙර කතාමාලාවේ ප්‍රධාන චරිත වූ Fox Mulder (David Duchovny) සහ Dana Scully (Gillian Anderson) දෙදෙනාගේ නැවත පැමිණීමක් නම් සිදු නොවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.