අසිරිමත් නත්තල සැමරෙන අද (25) දිනයේත් දිවයිනේ සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත.
ඔහු ප්‍රකාශ කළේ, මෙලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් 011 247 27 57 යන විශේෂ අංකය හරහා පොලිස් මූලස්ථානයට දැනුම්දීමක් සිදුකළ හැකි බවය.
කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කර ඇත.
ඊට අමතරව බීමත් රියදුරන් සහ සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරම් සිදුකරන පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
මේ අතර මෙවර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 1,004 දෙනෙකු අද විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
අද දිනයේත් මීට පෙර ප්‍රකාශයට කළ පරිදි විශේෂ දුම්රිය ගමන්වාර සහ අවශ්‍යතාව පරිදි බස් රථ ගමන්වාර ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසයි.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්. ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, උත්සවය සමය අවසන් වන තෙක් මෙම විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවය.
දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් පමණ යෙදවීමට නියමිත අතර අද දිනයේත් අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කර ඇත.