මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අද (27) සිට පෙර පරිදි යළි ආරම්භ කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව  සඳහන් කළේ, උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දින 03ක් මෙහෙයුම් කටයුතු අඩු කිරීමට සිදුවූ බවය.

පසුගිය 25 වනදා වන විට “යුක්තිය” මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් 13,666 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් 1,097 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබූ බව පොලීසිය පැවසුවේය.