සුපිරි නළු Yashගේ 38 වැනි උපන්දිනය සඳහා සුභ පැතීමට ඊයේ (08) පෙරවරු 1ට පමණ විශාල ප්‍රමාණයේ බැනරයක් ප්‍රදර්ශනය කිරීමට ගිය රසිකයින් තිදෙනෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

සුබපැතීම සඳහා සකස්කල බැනරය ලෝහමය රාමුවක සවිකර ඇති අතර, එම රාමුව විදුලි රැහැනක ගැටීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ බැංගලොරයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු හා 24 හැවිරිදි තරුණයෙක්. එම ආරංචිය සැල වූ වහාම විපතට පත්වූ රසිකයින්ගේ පවුල් වෙත ශෝකය පළ කිරීමට Yash එම ප්‍රදේශයට ගොස් ඇති බව ද වාර්තා වනවා.