ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට (10) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව් වාර්තා වේ.

මෙම පනත 2023 ඔක්තෝබර් 14දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුනද, පසුව එය න්‍යාය පත්‍රයෙන් ඉවත් කරනු ලැබීය.

එම පනත අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හෙට (10) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ දැනුම්දීම යටතේ මෙම පනත් කෙටුම්පත පිළිබඳ සඳහන් කර ඇත.